FAST NEWS

24×7 Around the Globe

අගමැති හා ගුවන් හමුදාපති අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිල හමුවක් පසුගියදා (10) අග්‍රාමාත්‍ය නිල නිවසේදි සිදුවිය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සිදුවු මෙම සාම්ප‍්‍රදායික නිල හමුවේදි ගුවන් හමුදාධිපතිතුමා විසින් ගුවන් හමුදාවේ වර්ථමාන තත්වය පිළිබදව අග‍්‍රාමාත්‍යතුමන් දැනුවත් කල අතර වර්ථමානයේ රටට බලපා ඇති අර්ථික හා ආහාර අර්බුදය ජයගැනීමට ගුවන් හමුදාවේ උපරිම සහයෝගය ලබාදෙන බවද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි ප‍්‍රකාශ කරන ලදි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශව විසින් මෙම හමුවීම සිහිපත් කිරීම පිණිස සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකරගන්නා ලදි.