FAST NEWS

24×7 Around the Globe

දේශබන්දු තෙන්නකෝන් නිසා ලේකම්ටත් නොතීසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චිට අද (15) නොතීසි නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධාවක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබදව නිතිපතිවරයා විසින් නිර්දේශයන් දෙකක් ලබාදෙනු ලැබ තිබියදීත්, පොලිස් ආඥා පනතේ පොලිස් නියෝග යටතේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධිය අද (15) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.