FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළ දැමීමට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 210කට නොවැඩි මුදලකින් ඉහල දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහලයාම ඊට හේතුව බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළේය.