(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ලබන සිකුරාදා(17) සිට අදාළ නිවාඩු දිනය ක්‍රියාත්මක බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉදිරි මාස 03ක කාලයකට මෙම නිවාඩුව ක්‍රියාත්මකය.
දැනට පවතින ඉන්ධන හිගය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටළුවද සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට මෙම නිවාඩුව ඇතුළත් නොවන බව සදහන් වේ.
රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදීමේ යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.








