(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ උසම බුද්ධ ප්රතිමාව තුවා (Тува) ප්රාන්තයේ Kyzyl හි ඉදිකොට විවෘත කර තිබේ.
තුවා ප්රාන්තය රුසියාවේ සාම්ප්රදායික බෞද්ධ ජනගහණය ජීවත්වන ප්රාන්ත අතළොස්සෙන් එකකි. එම ප්රාන්ත ජනරජයේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් මෙම බුද්ධ ප්රතිමාව නිර්මාණය කොට පසුගිය මැයි මාසයේ දී විවෘත කර ඇත.
මෙහි උස මීටර් 16ක් වන අතර බර ටොන් 26ක් වන බව සඳහන් වේ.
පද්මාසනයක මේ ප්රතිමාව වැඩ හිඳීයි. එය ඉදිකර ඇත්තේ යෙනිසෙයි (Енисей) ගංඟා නිම්නයේ මනරම් භූමියක යි.
රුසියානු මූර්ති ශිල්පී විතාලි ෂැනොව් මෙකී ප්රතිමාව නිර්මාණය කළ බව සඳහන් වෙයි.
( වස්කඩුවේ සිරි සරණ හිමි – රුසියානු පුවත් සේවා ඇසුරිනි)








