දුම්රිය රියදුරු වැඩ වර්ජනය අවසන් (news-3)
දුම්රිය රියදුරන් පිරිසක් අද (24) අලූයම සිට සිදු කළ වැඩවර්ජනය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කෙරුණා.
එ් වර්ජකයන් සහ දුම්රිය බලධාරීන් අතර සිදු කෙරුණු සාකච්ඡාවකින් පසුවයි.රාගම දුම්රිය ස්ථානයේදී ඊයේ (23) රාති‍්‍රයේ දුම්රිය රියැදුරෙකුට සිදුවූ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදු කෙරුණා. එ් හේතුවෙන් දුම්රිය ගමන්වාර 23ක් අවලංගු කෙරුණු බවයි පාලක මැදිරිය පැවසුවේ.
දුම්රිය වර්ජනයට පෙර දුම්රිය වර්ජනයක්.(news-2)
දුම්රිය රියැදුරන් පිරිසක් අද (24) අලූයම සිට වැඩවර්ජනයක යෙදී සිටීම නිසා දුම්රිය ගමන්වාර 23ක් මේ දක්වා අවලංගු වී තිබෙනවා. එ්වායින් ගමන්වාර 22ක්ම කාර්යාලයීය දුම්රියයි.
ඊට අමතරව මහනුවර සිට මාතර දක්වා අද (24) උදෑසන ධාවනය වීමට තිබූ දුම්රියක්ද අවලංගු කෙරුණා.
දුම්රිය රියදුරන් පිරිසකගේ වැඩවර්ජනයක් හේතුවෙන් කාර්යාලයීය දුම්රිය කිහිපයක් අද (24) අවලංගු කිරීමට සිදුවනු ඇතැයි පාලක මැදිරිය පවසනවා. ඇතැම් දුම්රිය ධාවනය ප‍්‍රමාදවීමටද ඉඩ තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.
දුම්රිය රියදුරෙකුට රාගම දුම්රිය ස්ථානයේදී ඊයේ රාති‍්‍ර සිදු වූ බව කියන පහරදීමකට විරෝධය පළ කරමින් අදාළ වැඩවර්ජනය කැඳවා තිබෙනවා. මෙම වැඩවර්ජනය සඳහා එක්ව සිටින්නේ ඊ.ටී.සී.එස්. ධාවනාගාරයේ දුම්රිය රියැදුරන්.
ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියක් ඊයේ රාති‍්‍රයේ රාගම දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු එහි නොසන්සුන්තාවක් ඇති වුණා. සිද්ධිය දුටුවෙකු පැවසුවේ එම දුම්රියේ රියදුරු බීමත්ව සිටියේ යැයි සැක සිතා මගීන් ඔහුට පහරදීමටද උත්සහ කළ බවයි.
නොසන්සු වූ මගීන් සෙසු දුම්රිය ධාවනයටද අවහිර කළා. මේ නිසා රාගම දුම්රිය ස්ථානයේ සිට ප‍්‍රධාන මාර්ගයේ දෙපසට දුම්රිය 10ක් පමණ ස්ථාන කිහිපයකදී සැලකිය යුතු වේලාවක් නතර කර තැබීමටද සිදුවූ බවයි පාලක මැදිරිය පැවසුවේ.
පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ අදාළ රියදුරා බීමත්ව සිට නැතැයි පරීක්ෂණවලින් තහවුරු වූ බවයි.
අදාළ විමර්ශන දෙපාර්තමේන්තු මට්ටමින් තවදුරටත් සිදු කෙරෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර බේරුවන සහ මග්ගොන අතර ප‍්‍රදේශයකදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයට ඊයේ (23) පස්වරුවේ ඇති වූ බාධා මේ වන විට ඉවත් කර තිබෙනවා. පීලී පැනීමකට ලක්වූ දුම්රිය අලූයම දෙකට පමණ යළි පීලිගත කෙරුණු බවයි පාලක මැදිරිය පැවසුවේ. එ් අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය දැන් සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බවද ඔවුන් කියා සිටියා.
අද දහවල් සිට දුම්රිය වැඩවර්ජනයක්.(news-1)
අද දහවල් 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක නිරත වීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
වැටුප් විෂමතා ලබාදීම උවමනාවෙන් ප්‍රමාද කිරීම සහ වැටුප් සංශෝධනයට අදාළ වැටුප් පරිවර්තන ලිපි සකස් නොකිරීම යන කරුණු මූලික කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරන බව ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.
දුම්රිය නියාමකවරු,දුම්රිය ස්ථානාධිපතිවරු,දුම්රිය රියදුරු සංගම් දෙකක සාමාජිකයන් සහ තවත් ශ්‍රේණිගත දුම්රිය නිලධාරීන් මෙම වර්ජනයට සහභාගිවීමට නියමිතය.
(14)







