(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොසොන් පෝ දින පණිවුඩය මඟින් පෙන්වා දෙන්නේ අපේ රටට දාර්ශනික ආගමක්, සංස්කෘතියක්, සංස්කෘතියෙන් කලාවක්, සමාජ සාරධර්ම, සාහිත්‍යය හා ථෙරවාදී බෞද්ධ දර්ශනයේ කේන්දස්ථානය බවට පත්වූයේ මහින්දාගමනයෙන් බවයි.
අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් මුලා වී පැවති මිනිස් සමාජය මහින්දාගමනය හේතුකොටගෙන ශිෂ්ට සම්පන්න ප‍්‍රශස්ත සහ කෘතහස්ත වු බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.








