FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, තමා එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවයි.

විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධූරයට පත්කරනු ලැබ ඇත්තේ, එහි හිටපු උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතායි.