(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2500ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව පොසොන් සතිය තුළ (16 දින දක්වා) අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝසමිඳුන් ඇතුළු අටමස්ථානය, මිහින්තලේ, තන්තිරිමලේ මෙන්ම අවුකන විජිතපුර, නාමල් උයන නගරාසන්නයේ පිහිටි අනෙකුත් පූජනීය ස්ථානවලට වෙන් කර ඇති පොලිස් නිලධාරීන් 2500කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇත.
එසේම පිටත ආරක්ෂාව සහ මාර්ග බාධක සඳහා යුද හමුදා සහායද යොදාගෙන තිබේ.








