(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගැබිනි මවුවරුන් සඳහා පළමු කාර්තුව තුළ කරන එච්.අයි.වී. පරීක්ෂණ නතර කිරීමත් සමඟ රට තුළ නැවත ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
මවගෙන් දරුවාට HIV වයිරසය සම්ප්‍රේෂණ වීම සම්පූර්ණයෙන්ම වැළැක් වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෞරවයට පාත්‍ර වූ රටක් වුවද, එම ගෞරවය සාක්ෂාත් කර ගත් පරීක්ෂණ වැඩසටහන නවත්වන ලෙස මේ වන විට ප්‍රාදේශීය රසායනාගාරවලට උපදෙස් දී ඇතැයි ද එම සංගමය ප්‍රකාශ කරයි.








