FAST NEWS

24×7 Around the Globe

ලබන මස සිට ඉන්ධන ලබාදීම කෝටා ක්‍රමයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ මූල්‍ය තත්ත්වය යහපත්අතට පත්වන තෙක් කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඒ අනුව රටේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් වනතුරු සහ පැය 24ක අඛණ්ඩ විදුලි සැපයුමකට මෙන්ම ස්ථාවර ඉන්ධන සැපයීමක් සිදුකිරීමට හැකිවන තෙක් පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන බෙදාහැරීමට අපේක්‍ෂිතය.

ජුලි පළමුවැනි සතියේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.