FAST NEWS

24×7 Around the Globe

රූපවාහිනියේ මුල් පුටුව අසංග ජයසූරියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ නෙත් එෆ්.එම්. ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරියයි. ඔහු මින් ඉහත රූපවාහිනියේ අලෙවිකරණ අංශ ප්‍රධානියෙකු ලෙසද කටයුතු කළ අයෙකි.

මීට අමතරව එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මහාචාර්ය ඩී.එම්. අජිත් දිසානායක, මහාචාර්ය චමින්ද රත්නායක සහ රඛිත අබේගුණවර්ධන පත්කර ඇත.