FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනයකට අතගසයි.

හෙට (24) දහවල් 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක නිරත වීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ලබාදීම උවමනාවෙන් ප්‍රමාද කිරීම සහ වැටුප් සංශෝධනයට අදාළ වැටුප් පරිවර්තන ලිපි සකස් නොකිරීම යන කරුණු මූලික කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරන බව ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

දුම්රිය නියාමකවරු,දුම්රිය ස්ථානාධිපතිවරු,දුම්රිය රියදුරු සංගම් දෙකක සාමාජිකයන් සහ තවත් ශ්‍රේණිගත දුම්රිය නිලධාරීන් මෙම වර්ජනයට සහභාගිවීමට නියමිතය.