FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් පෙහොය නිමිති කරගෙන කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 09ක් ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කොළඹ කොටුවේ සිට අනුරාධපුර පුදබිම වෙත ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත.

ඒ අනුව,
• 2022-06-12 වෙනි දින අළුයම 12.40 කොළඹ කොටුවෙන් අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම (12) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
• 2022-06-12 දින පස්වරු 09.00 කොළඹ කොටුවෙන් අනුරාධපුරය වෙත ගමන් ආරම්භ කරනු ලබන විශේෂ දුම්රිය 2022-06-13 දින කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

• එමෙන්ම 2022-06-13 දින කොළඹ කොටුවෙන් පෙරවරු 03.30ට අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-14 දින රාත්‍රී නැවත කොළඹ කොටුව දක්වා ගමන් කරනු ඇත.

• 2022-06-13 පෙරවරු 04.00 කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය 2022-06-14 දින ආපසු කොළඹ දක්වා පැමිණෙනු ඇත.

• 2022-06-13 දින පෙවරු 8.50 කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය සවස කොළඹ කොටුව දක්වා ධාවනය වනු ඇත.

• 2022-06-13 පස්වරු 04.42ට කොළඹ කොටුවෙන් අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-15 දින කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.

• 2022-06-13 පස්වරු 06.00ට අනුරාධපුර දක්වා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-15 දින අලුයම කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.

• 2022-06-13 වෙනි අළුයම 12.40ට කොළඹ කොටුවෙන් අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම රාත්‍රී අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරෙනු ඇත.
• 2022-06-13 දින පස්වරු 9.00 අනුරාධපුර දක්වා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කෙරෙන දුම්රිය 2022-06-15 වෙනි දින උදෑසන ආපසු කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.