FAST NEWS

24×7 Around the Globe

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සඳුදා නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා එනම් ජූනි 13 වනදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි එය නිකුත් කර ඇත්තේ.

ලබන 14 වනදාට පොසොන් පොහොය යෙදී තිබීම සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදෙන බවයි රජය නිවේදනය කලේ.

මීට සමගාමීව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ජුනි 13 සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.