FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා ලබන 13 වනදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ සියලූම කලාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

එම දින පහේ ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා එලෙෂ විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ලබන 14 සහ 19 දෙදින සියලූම කළාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 10.00 දක්වා දිනකට පැයක් පමණක් විදුලිය විසන්ධි කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කලා.