FAST NEWS

24×7 Around the Globe

මුව ආවරණ පැළැඳීම අද සිට අනිවාර්ය නොවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුව ආවරණ පැළැඳීම අද (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර් යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන මහතා පවසයි.

ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.