FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ බිරිඳ දිවයිනෙන් පිටත්ව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද(09) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

ඇය අද(09) අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

මේ අතර තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, රට සහ ආර්ථිකයටත් ඉටුකළ සේවය ඇතැම් පිරිස්වල කිසිදු අගය කිරීමකට ලක් වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු තම සමීපතම හිතවතුන් පිරිසකට සඳහන් කර තිබේ.