(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කර්මාන්ත ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක වන අධිකාරීවල නියාමන කටයුතු අවම කර කර්මාන්තකරුවන්ට වඩා වැඩි පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ metals.lk වෙබ් අඩවිය දියත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව පවත්වාගෙන යන මෙම metals.lk වෙබ් අඩවිය ඊයේ(08) කර්මාන්ත අමාත්‍යාංශයේදී එළිදැක්විණි.






