FAST NEWS

24×7 Around the Globe

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මන්දගාමි වෙලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය අඩු වී තිබේ. විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ ලියාපදිංචි වන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමත් සමඟින් විශාල පිරිසක් එක්වර ලියාපදිංචි වීම හේතුවෙන් මේ වන විට කාර්යාංශයේ වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය මන්දගාමි වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට රාජ්‍ය සේවකයන් පහළොස්දහසකට වඩා වැඩි පිරිසක් කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වී ඇති අතර, එසේ එක්වර විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් බෙව් අඩවියේ “බැන්ඩ්විත්” ප්‍රමාණය සීමා වී ඇති බව ද අනාවරණය වෙයි.

තමන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි අයදුම්පත් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින අතර එම නිසා වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය අඩු වී ඇති නමුත් එය වේගවත් කරන ලෙසට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව ඊයේ (07) දිනය තුළදී වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමට පියවර ගනිමින් සිටි බව ද එම කාර්යාංශය කියයි.