FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් දෙල් අල බතල දෙන්න – ජනපති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් දෙල් අල බතල ආදී ආහාර සතියකට දින දෙක තුනක් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

මෙරට වන රක්‍ෂිතවල ඇති කොස් පලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට එම වන රක්ෂිත වලට ඇතුළු වීමට අවසර ලබාදෙන්නැයි කැබිනට් යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍වරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.