(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් දිවයිනට පැමිණ ඇති බව ලිට්රෝ සමාගම පවසයි. ඒ සදහා ගෙවීමට ඇති ඉතිරි ඇමෙරිකා ඩොලර් මිලියන දෙකයි දශම පහ ගෙවීමෙන් පසු ඉදිරි දින හය සදහා ගෑස් ලබාදීමට හැකිවන බව එම සමාගම සදහන් කරයි.
කෙසේ වෙතත් ලිට්රෝ සමාගම පැවසුවේ අද(08) දිනයේද ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බවයි.








