(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එප්පාවල ඇඳගල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක සහ 48ක පුද්ගලයින් දෙදෙනෙකි.
ඊයේ(06) රාත්‍රියේ එම පුද්ගලයින් දෙදෙනා අදාළ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී කිසියම් පාර්ශවයක් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පල කරනු ලැබේ.








