FAST NEWS

24×7 Around the Globe

රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනිම යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාව වෙත යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනිමට තිරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

පවතින ගුවන් ගමන් අපහසුතා නිසා රුසියාව වෙත යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල කවුළු වලින් භාර නොගැනිමට තීරණය කෙරිණි. නමුත් එකී ගැටලුව මේ වන විට නිරාකරණය වෙමින් පවති.

විකල්ප ගමන් මාර්ග ඔස්සේ රුසියාව වෙත තැපැල් භාණ්ඩ යොමු කිරිමේ හැකියාව විමර්ශනය කරමින් සිටියි.

එම කරුණු පිළිබඳ යළි සළකා බලා නැවතත් තැපැල් කාර්යාල කවුළු වෙතින් රුසියාව වෙත යැවෙන තැපැල් භාණ්ඩ බාර ගැනීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් බාරගනු ලබන තැපැල් භාණ්ඩ අදාල ගමනාන්තය වෙත ලගාවීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.