FAST NEWS

24×7 Around the Globe

හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් රුපියල් මිලියන දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝග ලබා දී තිබෙනවා.

ඒ, තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ් කබ්රාල්ට එරෙහි ව ගොනු කර තිබූ නඩුවක් අද නැවත විභාගයට ගත් අවස්ථාවේ දීය.

ඇමරිකාවේ අසාදු ලේඛනගත ‘ඉමාට් ශා සුබෙයිරි’ නමැති ව්‍යාපාරිකයකු වෙත මෙරට කීර්ති නාමය ඉහළ දැමීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2006 වසරේ දී නිසි අනුමැතියකින් තොර ව මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන් බවට මෙම නඩුව හරහා චෝදනා කර තිබුණා.