(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසරක කාලයක් සඳහා ඇමති වැටුප් නොලබා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රටේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ජනතාව පත්ව තිබෙන තත්ත්වය සමග අමාත්‍යවරුන් ද සිය අමාත්‍ය වැටුප් නොලබා කටයුතු කිරිමට තීරණය කළ බවයි.








