FAST NEWS

24×7 Around the Globe

රුසියාවට ගුවනින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව නවතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර වාණිජමය ගුවන්ගමන් නැවැත්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

කෙසේවෙතත් ගුවන්ගමන් කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත සිදුකරන තැපැල් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.