FAST NEWS

24×7 Around the Globe

රුසියානු යානයට එරෙහි වාරණය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.