FAST NEWS

24×7 Around the Globe

නුවරඑළියේ රාජ්‍ය නිලධාරින්ට එළවළු පැල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෑම වර්ෂයකම ජුනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය සමරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරින් සඳහා ගෙවතු වගා ප්‍රවර්ධන වඩසටහනක් පසුගියදා (03) දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විනි.

ඉදිරියෙදි ඇතිවිය හැකි ආහාර අර්බුදය ජය ගැනීම වෙනුවෙන් ජනතාව ගෙවතු වගාවන් සඳහා යොමුකිරිමේ වැඩ සටහානේ එක් අංගයක් ලෙස රාජ්‍ය නිලධාරින් ගෙවතු වගාවට යොමු කරමින් ජනතාවට අදර්ශයක් සැපයීම මෙම වැඩ සටහනේ අරමුණ වේ.

මෙහිදි ලීක්ස්, ගෝවා, මිරිස්, බටු, සලාද, තක්කාලි ඇතුළු එළවළු පැළ සහ බෝංචී බිජ නිලධාරින් වෙත බෙදා දීම සිදුවු අතර අදාල පැළ සිටුවීම සහ නඩත්තුව පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය මගින් ප්‍රායෝගික වැඩ මුළුවක්ද සංවිධානය කර තිබුණි.

මෙයට සමගාමිව දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ ආදර්ශ එළවළු වගාවක් ආරම්භ කිරීමද සිදුවිය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජිවා බෝධිමාන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) විජිතා මයාදුන්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර, සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.