(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන අර්බුදය හමුවේ අද (06) පෞද්ගලික බස් ධාවනය සීමා වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ , ඒ අනුව අද දිනයේ බස් ධාවනය බස් රථ 5000 – 6000 අතරට සීමාවන බවයි.
මේ අතර මගී අවශ්‍යතාව අනුව අද දිනයේ බස් ධාවනයට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ය.
ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ, දැනට මණ්ඩලය සතු ඉන්ධන සංචිතය ඉදිරි දින කිහිපයේ බස් ධාවනයට ප්‍රමාණවත් වන බවයි.
මේ අතර, මගී ප්‍රවාහන බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු ක්‍රියාත්මක බවයි.








