(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවකයන්ගේ වැඩ කරන දින ගණන දින හතරක් දක්වා අඩු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරි සිදු කරන දිනයක් ලෙස නම් කරන බව රාජ්‍ය පරිපාලන සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ලෝක පරිසර දිනය නිමිත්තෙන් නුගේගොඩ මාදිවෙල විහාරස්ථානයේ ඊයේ (05) පැවැති මී පැළ රෝපණය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යාලීය දින ගණන දින හතරක් දක්වා අඩු කිරීමට රජය විසින් තීරණය කරනු ලැබීය.
ඒ අනුව සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරිය නිසි අයුරින් ඉටු කරමින් රජයට සහාය වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.








