(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලාෆ් ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ඊයේ (05) යළි ආරම්භ කෙරුණා. පාරිභෝගිකයන් ප්‍රකාශ කළේ ගෑස් මිල වැඩි කර ඇති බවයි.
කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6850ක් වී ඇති බවයි, ගෑස් මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන් ප්‍රකාශ කළේ. කිලෝ ග්‍රෑම් 05 ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,740ක්. අලෙවි නියෝජිත ආයතන රැසකට අද ලාෆ් ගෑස් ලැබී තිබුණා.
ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නමුත් බොහෝ දෙනෙකුට ගෑස් මිලදී ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.






