FAST NEWS

24×7 Around the Globe

‘එරොෆ්ලොට්’ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නොවෙයි – අගමැති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික නොවන බවත් එය සමාගම් දෙකක් අතර ඇති වූ පෞද්ගලික ගැටලුවක් බවත් රුසියා බලධාරීන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පෙරේදා සාකච්ඡාවක් පවත්වා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැතිවරයා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට ද උපදෙස් දී තිබේ. එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වන ලෙස අගමැතිවරයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස් දුන් බවත් අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.