FAST NEWS

24×7 Around the Globe

වෙදආරච්චිගේ පුතා මාලඹේට පැන ගිහින්ලු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගි මාර්ග පිවිසුමකදී පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගත් තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි මහතා පැද වූ කැබ් රථය මාතර වල්ගම, මඩිහ ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිය වන නෙත්මි හරින්දිකා සිල්වා එම හෝටලයේ රැය පහන් කර කැබ් රථය එහි දමා එම හෝටල් හිමිකරුට අයත් වාහනයකින් මාලඹේ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (3) දහවල් මේ කැබ් රථය සොයා ගෙන තිබේ. ඒ අනුව සැකකරුට හා සැකකාරියට රැකවරණය දීමේ චෝදනාව යටතේ එම හෝටලයේ හිමිකරුගේ බිරිය ද සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.