(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැණුනි.
ඔහු කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර පැවති විරෝධතාවලට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රැසක්ම මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.








