FAST NEWS

24×7 Around the Globe

පෝලිම් වල රැදි නොසිටින – ලිට්‍රෝ සමාගමෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් නෞකාවක් යළි පැමිනෙන්නේ අනිද්දා (05) බැවින් එතෙක් පෝලිම් වල රැදි නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

අද(03) දිනයේ දී සිලින්ඩර දහසය දහසක් නිකුත් කළ බව එම සමාගම පවසයි.

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙදුන්ට හසු නොවන ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගේන් ඉල්ලා සිටියි.

මේ අතර ලාෆ් ගෑස් නැවක් හෙට(04) දිනයේදි දිවයිනට ලගාවිමට නියමිතව තිබේ.

අද දිනයේ ගෑස් නිකුත් කරන ස්ථාන රැසක ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ.