FAST NEWS

24×7 Around the Globe

ගෑස් සිලින්ඩර 16,000 ක් අද වෙළෙඳපොලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් අද (03) දිනයේ සපයන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

ගෑස් තොග ක්‍රමයෙන් අඩු වීම නිසා මෙම පියවර ගත් බවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් දෙවැනි නෞකාව පැමිණි පසු නැවත සැපයුම ඉහළ දමන බවත් එම සමාගම පවසයි.

ලිට්‍රෝ සමාගම පසුගිය සඳුදා සිට ඊයේ(02) දක්වා ගෑස් සිලින්ඩර 50,000 ක් බැගින් සිලින්ඩර ලක්‍ෂ දෙකක් වෙළෙඳපොලට සැපයීය.

එසේම ගෑස් ලබා ගත හැකි නියෝජිත ආයතන පිළිබඳ www.litrogas.com ඔස්සේ දැනුවත් විය හැකිය.