(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2023 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
චක්‍රලේඛ සහ අමාත්‍යංශ විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීන්දු පිළිබඳව පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා හෙට දිනයේ වැඩමුලුවක් ද පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
පවතින ආර්ථික අභියෝග මැද පාසැල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තිය සමිති සමඟ ලබන සතියේදී සාකච්ඡා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් කියා සිටියා.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙම අදහස් පළ කළා.








