FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් !

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ වෛද්‍ය චමින් විජේසිංහ මහතා පවසන්නේ, මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ 12ත් 20ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බවය.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ 120ත් 150ත් අතර ප්‍රමාණයක් හිඟයක්ද මේ වනවිට පවතින බව වෛද්‍ය චමින් විජේසිංහ මහතා සඳහන් කළේය.