FAST NEWS

24×7 Around the Globe

ජූනි 02වැනිදා සිට විදුලිය කැපෙන අයුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් යළිත් විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ජූනි 02වැනිදා සහ 05වැනිදා විදුලිය කප්පාදු කරන කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.

ජුනි මස 02වැනිදා සිට 05වැනිදා දක්වා අදාළ විදුලි කප්පාදු කාලසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව ජුනි 02වැනිදා සහ 03වැනිදා පැය 2ක විදුලි කප්පාදුවක් ද ජුනි 04 වැනිදා පැය 1ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ජුනි 05 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.