FAST NEWS

24×7 Around the Globe

ශෂී වීරවංශ ඇප මත නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ශෂී වීරවංශ මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඇයගේ විදේශ ගමන් තහනම් කරන ලෙස නියෝග කරන ලදි.