FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 10කට කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කෙරේ !

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා හතරක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගං වතුර අවදානමක් ද මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් හා නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

අද උදෑසන සිට ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළේ.