(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරේ.
ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.
යුද හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) යුද හමුදාපති ධුරයෙන් ඉවත් ව යාමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.









