FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෙන්කළ ආසන ගාස්තුවල වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජූනි මස 1 වනදා සිට දුම්රිය වෙන්කළ ආසන සඳහා පමණක් සියයට 30කින් ගාස්තුව වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කරයි.

ඔහු සදහන් කළේ බස් ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව එම තීරණය ගත් බවයි.

මේ අතර සාමාන්‍ය ගාස්තුව, පාර්සල් ගාස්තුව හා අනෙකුත් දුම්රිය ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.