(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකාරිනිය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සළකා බැලීම හෙට (31) දිනය දක්වා කල් දමා තිබේ.
මෙම නියෝගය ලබා දී තිබෙන්නේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා වන අතර නිතිපතිවරයා වෙනුවෙන් නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියම ඇත.








