FAST NEWS

24×7 Around the Globe

බලශක්ති ඇමති සහ මහබැංකු අධිපති අතර විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(30) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමු වී ඇත.

එහිදී අමත්‍යවරයා පවසා ඇත්තේ ජුනි මාසයට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍ය වන බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන බවත් ය.