FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර සාගලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙක් වන සාගල රත්නායක මහතා පත්කොට තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගියවර අග්‍රාමාත්‍යධුරය දරණ සමයේද කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේ සාගල රත්නායක මහතාය.

මේ අතර ශ්‍රී ලංකාවේ නවසලීන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අද පෙරවරුවේ සාගල රත්නායක මහතා හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා හමුවී තිබේ.

මෙහිදී ආර්ථික අර්බුධය විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ සැලසුම් හා විධායක ජනපතිධුරයේ බලතල අවම කිරීම වෙනුවෙන් සිදුකරණ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කර තිබේ.