(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බණ්ඩාරගම, අටුලුගම ප්රදේශයේදී ඝාතනය කරන්නට ඇති බවට සැක කෙරෙන 09 හැවිරිදි ෆාතීමා අයේෂා දැරියගේ මරණය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය සදහන් කරයි.
දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පෙරේදා (27) උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට නොපැමිණි අතර ඊයේ (28) දිනයේ නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණි.
ට්විටර් සටහනක් තබමින් දැරියගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අකාරුණික ලෙස ඝාතනය වූ කුඩා ෆාතිමා අයේෂාගේ පවුලට තමාගේ හදපිරි ශෝකය සහ බලවත් සංවේගය පළකර සිටින බවයි.
මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පවුලට ඉක්මන් ක්රියාමාර්ග සහ යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.








