(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බණ්ඩාරගම, අටළුගම ප්රදේශයේ කුඩා දැරිය ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රතිඥා දෙයි.
“අකාරුණික ලෙස ඝාතනය කරන ලද කුඩා ෆාතිමා අයේෂාගේ පවුලට මාගේ හෘදයාංගම ශෝකය සහ බලවත් සංවේගය. මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පවුලට ඉක්මන් ක්රියාමාර්ග සහ යුක්තිය ඉටු කිරීමට මම පොරොන්දු වෙමි.” ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.
09 හැවිරිදි ෆාතිමා අයේෂා පසුගිය 27වැනිදා උදෑසන සිට අතුරුදන්ව සිටි අතර, ඊයේ පෙරවරුවේ ඇයගේ නිවස අසල වගුරු බිමක තිබී ඇයගේ මළ සිරුර සොයා ගැණුනි.
දැරිය වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බවත්, මළ සිරුර සොයාගත් ස්ථානයට ගෙනවිත් ඇති බවත් පොලිසිය පවසයි.









