(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුදන් වූ බණ්ඩාරගම, අටුලුගම නව හැවිරිදි කුඩා දැරිය පිටකොටුවේ සිටි බවට පොලිසියට ලද තොරතුරකට අනුව දැරිය සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඊයේ(27) උදෑසන සිය නිවසට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති මෙම දැරිය යළි නිවසට පැමිණ නොමැත. ඒ ගැන දැරියගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කළේය.
අතුරුදන් වී ඇත්තේ ෆාතිමා අයීෂා නැමති අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.
මේ ගැන ඊයේ රාත්‍රියේ දැරියගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් ද සිදුකර ඇති අතර දැරියගේ මවගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.








